සීදූවේ කර්මාන්ත ශාලාවකට කතෝලික සභාවේ දැඩි විරෝධය

සීදූව, ලියනගෙමුල්ල ප්‍රදේශයේ මේ වනවිට ඉදිකෙරෙමින් පවතින සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවට , කතෝලික සභාව  සිය විරෝධය පළ කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිශාන්ත පියතුමා ඊයේ (19) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසුවා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කතෝලික සභාව සහ සීදූව, ලියනගෙමුල්ල  සාන්ත තෝමස් විද්‍යාලයේ දෙමාපියන්  විසින් , එම විද්‍යාලයීය රැස්වීම් ශාලාවේ දී ඊයේ (19) දිනයේ දී සංවිධානය කර තිබුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා, මෙම ප්‍රදේශයේ ජනතාව, ඉදිවෙමින් පවතින සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවට එරෙහිව අදාල පියවර ගන්නා ලෙස කොළඹ අගරදගුරු හිමියන්ගෙන් සහ කතෝලික සභාවෙන් කරන ලද ඉල්ලීම් ම , මෙසේ එම කර්මාන්තශාලාවට විරෝධය පළ කිරීමට තීරණය කර ඇති බව පැවසුවා.

මෙහිදී අදහස් දැක්වූ හේෂාන් නිලන්ත පියතුමා, කතෝලික සභාව සහ කොළඹ අගරදගුරු හිමියන් මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කිරීමේ වගකීම තමන් වෙත භාර දී ඇති බවත්, ඒ අනුව මේ පිළිබද ජනාධිපතිතුමා ඇතුළු මැතිඇමතිවරුන් සහ රජයේ වගකිව යුතු ආයතන මේ වනවිටත් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද පැවසුවා.

මේ පිළිබද රජය පූර්ණ අවධානය යොමු කර යොමු කර මෙම ඉදිකිරීම අත්හිටුවීමට වහා පියවර ගන්නා ලෙසත්, නැතිනම් මෙම ඉදිකිරීමට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතාවන් ඇති විය හැකි බව ද සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15