ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් රන් පදක්කම වෙනුවෙන් පැවැත්වෙන අවසන් වටයේ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අද (20) සමත් වුණා.
ඒ, පළමු අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්.
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ විස්සයි විස්ස ආකෘතියෙන් පැවැත්වෙන තරගාවලියේ, පළමු අවසන් පූර්ව තරගය සඳහා ශ්රී ලංකා ක්රීඩිකාවන් සහ පකිස්ථාන ක්රීඩිකාවන් අද නිශ්ෂින්හි කොරෝගි ක්රීඩාංගණයේ දී හමුවුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 177ක් රැස්කර ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්රී ලංකාව පන්දුවාර 17යි පන්දු 05ක් තුළ කඩුලු 02ක් පමණක් වැයකරමින් ලකුණු 181ක් රැස්කර තරගය පහසුවෙන් ජය ගනු ලැබුවා.
ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 83ක් රැස්කිරීමට සමත් වුණා.
එමෙන්ම හසිනි පෙරේරා පන්දු 26කට මුහුණදෙමින් ලකුණු 42ක් රැස්කළා.
තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන අතර, එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ශ්රී ලංකාව සමගින් කාන්තා ක්රිකට් රන් පදක්කම වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.













