Empty Ad
AFC Banner
Empty Ad

සිරිපා කරුණා කරමින් සිටි විදෙස් ජාතිකයෙක් හදිසියේම මිය ගිහින්

ශ්‍රී පාදයේ සංචාරයක් සඳහා පැමිණි විදෙස් ජාතිකයෙක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (20) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩෙන්මාර්ක් ජාතිකයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

68 හැවිරිදි වියේ පසුවන මෙම විදෙස් ජාතිකයා ඊයේ (19) සිය බිරිඳ සමඟ නල්ලතන්නිය වෙත පැමිණ සංචාරක හෝටලයක නවාතැන්ගෙන තිබෙනවා.

අනතුරුව අද (20) අලුයම ශ්‍රී පාද ස්ථානය දකවා යෑමට දෙදෙනාම ගමන් අරඹා ඇති අතර, එහිදී ඉදිකටුපහන ප්‍රදේශයේ දී මෙම විදෙස් ජාතිකයා හදිසියේ රෝගාතුර වී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී පොලිස් නිලධාරීන් විසින් ඔහුව රෝහල් ගත කිරීම සඳහා නල්ලතන්නිය වෙත රැගෙනවිත් ඇති අතර එලෙස රැගෙන එන විට ඔහු මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය විදෙස් සංචාරකයාගේ සිරුර මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර, ඔහු ලංකාවට පැමිණිමෙන් පසු සීගිරිය ප්‍රදේශයේ දී රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ලබාගෙන ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා එය දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33

?