සිරිපා කරුණා කරමින් සිටි විදෙස් ජාතිකයෙක් හදිසියේම මිය ගිහින්

ශ්‍රී පාදයේ සංචාරයක් සඳහා පැමිණි විදෙස් ජාතිකයෙක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (20) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩෙන්මාර්ක් ජාතිකයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

68 හැවිරිදි වියේ පසුවන මෙම විදෙස් ජාතිකයා ඊයේ (19) සිය බිරිඳ සමඟ නල්ලතන්නිය වෙත පැමිණ සංචාරක හෝටලයක නවාතැන්ගෙන තිබෙනවා.

අනතුරුව අද (20) අලුයම ශ්‍රී පාද ස්ථානය දකවා යෑමට දෙදෙනාම ගමන් අරඹා ඇති අතර, එහිදී ඉදිකටුපහන ප්‍රදේශයේ දී මෙම විදෙස් ජාතිකයා හදිසියේ රෝගාතුර වී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී පොලිස් නිලධාරීන් විසින් ඔහුව රෝහල් ගත කිරීම සඳහා නල්ලතන්නිය වෙත රැගෙනවිත් ඇති අතර එලෙස රැගෙන එන විට ඔහු මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය විදෙස් සංචාරකයාගේ සිරුර මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර, ඔහු ලංකාවට පැමිණිමෙන් පසු සීගිරිය ප්‍රදේශයේ දී රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ලබාගෙන ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා එය දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23