චමරිගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද (14) හැකියාව ලැබුණා.

ක්‍රයිස්චර්ච් හිදී පැවති මෙම තරගය නවසීලන්තය පරදා ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු හතකින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 05ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 101ක් පමණයි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මල්කි මදාරා පන්දුවාර 03යි පන්දු 05ක් තුළ ලකුණු 14ක් පමණක් ලබාදෙමින් නවසීලන්ත කඩුලු 03ක් බිඳ දැමුවා.

ඊට අමතරව කවිෂා දිල්හාරි සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 02 බැඟින් බිඳ දැමුවා.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට එමා මැක්ලියෝඩ් පත් වුණේ ලකුණු 44ක් රැස් කරමින්.

අනතුරුව ලකුණු 102ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවට පහරදීම ආරම්හ කළා.

එහිදී නායිකා චමරි අතපත්තු නොදැවී ලකණු 64ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරාගෙන ගිය අතර; නිලක්ෂිකා සිල්වා සහ කවීෂා දිල්හාරි ලකුණු 12 බැගින් රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් මෙම තරගය ජයගත්තා.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව නවසීලන්තයේ දී ලැබූ පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස ජය ලෙස වාර්තා අතරට එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53
Video thumbnail
"අපේ පුතා ම#පු උන්ට හොඳක් වෙන්නේ නෑ..ඕකුන් අත්අඩංගුවට ගන්න"ඉෂාරගේ පුංචි හඬා වැටෙයි
02:04
Video thumbnail
ජනප්‍රියම බීඩි සමාගමක වෙළඳ නාමය අවභාවිතා කළ මුද්‍රණ සහ මුද්‍රණාලයක් වටලයි - තිදෙනෙකු කොටුවෙයි
00:50
Video thumbnail
කොබෙයිගනේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් මියයාම ගැන කියන කතා - දවස් දෙකක් පොලිසියේ ඉදලා මැ#ලා තියෙන්නේ
04:42
Video thumbnail
හොඳ පදමට බීලා, බීමත් රියදුරන් අල්ලන ග්‍රාම ආරක්ෂක - "මේ බලන්න හොඳටම බීලා ඉන්නේ මෙයා.."
01:33