සියදිවි නසාගත් මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු අද

වැඩ තහනමක ලක්ව සිටිය දී සියදිවි නසාගත් බව කියන මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ දේහය ඔහු පදිංචිව සිටි කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.

මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ ඩොලර් මිලියන 2.5ක් හැකර්වරයෙකු අතට පත් වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ රංග නිශාන්ත රාජපක්ෂගේ වැඩ තහනම් කර තිබුණා.

එලෙස වැඩ තනමකට ලක්ව සිටිය දී පසුගිය 30 වනදා සැකකටයුතු ලෙස ගෙවත්තේ මියගොස් සිටිය දී ඔහු සොයා ගැනුණා.

මරණය සැකසහිත බැවින් දේහය සම්බන්ධයෙන් සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිව්දෙනෙකු පත් කරනු ලැබුවේ කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය විසින්.

ඒ අනුව එම විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිව්දෙනා සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන්, එම මරණය සියදිවි නසා ගැනීමක් බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළ බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයා විසින්ම පාද දෙක සහ අතක් පිහියකින් කපා ගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ඇති වූ අධික රුධිර වහනය සහ කම්පනය නිසා මෙම මරණය සිදුවී ඇති බවත් විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් දැනුම් දුන් බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13