spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

වනිඳු හසරංග, චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර සංචිතයට ඇතුලත්.

කුසල් ජනිත්, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ,
චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මදුෂංඛ සහ දුෂ්මන්ත චමීර ද ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරනවා.

ජනවාරි මාසයේ මුල් සතියේ එක්දින සහ 20යි 20 තරගාවලියක් සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

මෙම ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමි ව ඇති බව සඳහන්.

20-20 සංචිතයේ නායකයා ලෙස වනිඳු හසරංග නම් කර ඇති අතර, උපනායකයා චරිත් අසංලකයි.

ඇන්ජලෝ මැතිව්ස් යළිත් ශ්‍රී ලංකා 20-20 සංචිතයට කැඳවා ඇත්තේ 2021 වසරෙන් පසුවයි.

WhatsApp Image 2023 12 29 at 20.04.15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
35
+1
4
+1
20
+1
8
+1
2
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?