සිනොපැක් පළමු ඉන්ධන පිරවුම් හල විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සදහා එක්වූ චීනයේ සිනොපැක් සමාගම සිය පළමු ඉන්ධන පිරවුම් හල ඊයේ කොට්ටාව මත්තේගොඩ හිදී ආරම්භ කළේය.

ඛණිජ තෙල් සංස්ථාව යටතේ දේශීය කළමනාකරුවකු විසින් පවත්වාගෙන ගිය එම ඉන්ධන පිරවුම් හල අද සිට සිනොපැක් සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරා දෙනු ලැබීය.

ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් 150ක් මෙලෙස සිනොපැක් සමාගම සිය සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරා ගෙන ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා එක්වීමට නියමිතය.එසේම අලුතින් ඉන්ධන පිරවුම් හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බව සදහන් කරයි.

ඒ අනුව ඔවුන් මෙරට ඉන්ධන පිරවුම් හල් 200ක මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
7
+1
21
+1
6
+1
7
+1
5
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !