spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සා.පෙළ ලියන්න ගිය සිසුවියන් දෙදෙනා ඊයේ ගෙදර ඇවිත් නැහැ

අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිම ඊයේ (14) දින විභාග මධ්‍යස්ථානය වෙත ගිය සිසුවියන් දෙදෙනෙක් නැවත නිවෙස් වෙත නොපැමිණි බවට ගිනිගත්හේන පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අදාළ සිසුවියන් දෙදෙනාගේ මව්පියන් විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසුවේ.

ඊයේ (14) උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානය වෙත මෙම සිසුවියන් දෙදෙනා පැමිණ තිබෙනවා.

විභාගය ආරම්භ කිරීමට පෙර විභාග මධ්‍යස්ථානය අසල මොවුන් දෙදෙනා කතා කරමින් සිට ඇති බවට විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් කිහිපදෙනෙකු දැක ඇති බව සඳහන්.

ඉන් මද වේලාවකට පසු එම සිසුවියන් දෙදෙනා නාවලපිටිය නගරයේ නිල ඇදුමෙන් සිටින අයුරු කිහිපදෙනෙකු දැක ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අතුරුදන් වූ ගිනිගත්හේන, අග්‍රඔය සහ නාවලපිටිය, නාගස්තැන්න යන ප්‍රදේශවල පදිංචි මෙම සිසුවියන් දෙදෙනා සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව ගිනිගත්හේන පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
12
+1
4
+1
7
+1
15
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?