තම මියගිය සහෝදරියගේ ඇටසැකිළි දේහය උරහිස මත තබාගෙන බැංකුවකට ගොස් ඇයගේ ගිණුමේ තිබූ රුපියල් 19,300ක මුදල ලබාගැනීමට උත්සාහ කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
ජිතු මුන්ඩා නම් මෙම පුද්ගලයා කියොන්ජාර්හි ඩයනාලි ගම්මානයේ ජිවත්වන අයෙක් වන අතර, ඔහුගේ සහෝදරිය කක්‍ර මුන්ඩා, මල්ලිපාසි හි ඔඩිෂා ග්‍රාමින් බැංකුවේ ගිණුමක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
එම සහෝදරිය මීට මාස දෙකකට පෙර මිය ගොස් ඇති අතර, ඇගේ සැමියා සහ එකම දරුවා ඊට පෙට මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඇගේ එකම ඥාතියා ලෙස ඉතිරිව සිට ඇත්තේ ජිතු මුන්ඩා නම් මෙම පුද්ගලයායි.
ජිතු තම සහෝදරියගේ ගිණුමේ ඉතිරිව ඇති රුපියල් 19,300 ක ශේෂය ලබා ගැනීමට බැංකුවට ගිය අවස්ථාවේ බැංකු කළමනාකරු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එහිදී කළමනාකරු පවසා ඇත්තේ ඒ සඳහා ගිණුම් හිමියා පැමිණ සිටිය යුතු බවයි.
නැතහොත් නීත්‍යානුකූල උරුමක්කාර ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව ද පවසා තිබෙනවා.
නිසි අධ්‍යාපනයක් නොලැබූ ජිතුට මරණ සහතිකයක් හෝ අනුප්‍රාප්තික ලියකියවිලි නොතිබූ අතර සංකීර්ණ ක්‍රියාවලිය තේරුම් ගැනීමට නොහැකි වීමෙන් පසු අසරණව ආපසු පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු ඊයේ සුසාන භූමිය වෙත ගොස් වළදමා තිබූ තම සහෝදරියගේ දේහය ගොඩගෙන එය කර තබාගෙන බැංකුව කිලෝමීටර් 03ක් පයින්ම බැංකුව වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී බැංකු නිලධාරීන් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණ තිබෙනවා.
එම අවස්ථවේ ජිතු වගකීම භාරගෙන ඇති අතර, පොලිසිය පැවසුවේ නඩුව මානුෂීය හේතූන් මත හසුරුවන බවත් බැංකුවෙන් ප්‍රතිචාරයක් ඉල්ලා සිටින බවයි.














එක අතකට පව් නේද මේ මිනිස්සු.. හරි හමන් අධ්‍යාපනයක් නොමැති වීම.. නැත්නම් මේ වගේ දේවල් කරයිද..🥹😔
Ado Lankawe wenna thibbe oka