සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායම අතැර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමට පාකිස්ථාන කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණා.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වුණු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ගොස් රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 113ක් පමණයි.
ඒ අනුව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තාන කාන්තාවන් පන්දුවාර 18යි පන්දු 02ක් තුළ එම ඉලක්කය හඹා ගියා.
කෙසේ වෙතත් තරගාවලියේ මුල් තරග දෙක ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට 2-1ක් ලෙස තරගාවැලි ජය හිමිවුණා.
තරගාවලියේ වීරවරිය ලෙස ඉමේෂා දුලානි සම්මාන දිනා ගත්තා.













