සුවපහසු පත්ල පහත් තවත් බස් රථ 50ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

මහජන ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සුවපහසු පත්ල පහත් බස් රථ 100ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය යටතේ අදාළ සැපයුම්කරු විසින් එම බස් රථ මේ වන විට මෙරටට ආනයනය කර තිබෙනවා.

මගී ඉල්ලුම ඉහළ මට්ටමක පැවතීම, ප්‍රධාන කලාපීය ප්‍රවාහන හා සංචාරක මධ්‍යස්ථාන ලෙස උපායමාර්ගික වැදගත්කම සහ කොළඹ මහ නගර කලාපයෙන් ඔබ්බට නවීන මහජන ප්‍රවාහන සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ රජයේ අරමුණු සැලකිල්ලට ගනිමින් මෙට්‍රො බස් රථ ව්‍යාපෘතියේ පළමු අදියර මහනුවර, ගාල්ල සහ යාපනය නගරවල ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ සඳහා මෙට්‍රො බස් රථ ඇණියේ බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර, ඒ අනුව, 2026-03-06 දින බස් රථ 100 ක් මිල දී ගැනීම පිණිස පිරිනමන ලද කොන්ත්‍රාත්තුව යටතේම, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් 50%ක නැවත ඇණවුමක් ලෙස තවත් සුවපහසු පත්ල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34