අයහපත් වූ කාලගුණයෙන් අවතැන් වූ නුවරඑළියේ 2195ක් අවතැන් කදවුරු 20ක

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වන විට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදා නිසාවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පවුල් 1091ක් පීඩාවට පත්ව ඇති බවත් පුද්ගලයන් 05 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් අතුරුදහන්ව සිටින බව නුවරඑළිය දිස්‍ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පවසනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්වය පිලිබදව නුවරඑලියදිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (04) පැවති මාධ්‍ය හමුවකදී දිස්ත්‍රික් ලේකම්වරිය ඒ බැව් සඳහන් කළා.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ, පවුල් 1091ට අයත් පුද්ගලයින් 3951ක් පීඩාවට වී ඇති බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ අවතැන් කදවුරු 20ක පවුල් 523ක්ට අයත් පුද්ගලයින් 2195 දෙනෙකු සිටින බවත්, ඥාති නිවාසවල සාමාජිකයන් 224 දෙනෙකු සිටින බවයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිදු වූ ආපදාවලින් නිවාස 2ක් පූර්ණ සහ අර්ධ වශයෙන් නිවාස 90ක් හානි වි ඇති බවත්, නිවාස වලට කාන්දු වු ජලය බැස යැමෙන් පසුව එම පිරිස ආපසු ඔවුන් පදිංචි නිවාස වලටම යොමු කිරිමට පියවර ගන්නා බව දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56