පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය නොවැම්බර් මස 27 වනදා ප්රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව වාචික දේශනා ඉදිරිපත් කිරීම අද අවසන් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අද දින පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ පිළිතුරු වාචික දේශන ඉදිරිපත් කිරිම අද (18) අවසන් කෙරුණා.
ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේ නම් ලබන මස 20 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණ විසින් පාර්ශ්වකරුවන්ට නියම කරනු ලැබුවා.
ඉන් අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය සහ අතුරු සහන ඉල්ලීම් පිළිබඳ නියෝගය නොවැම්බර් මස 27 වනදා ප්රකාශයට පත් කරන බවත් විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.













