සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහාය දීමට සූදානම් – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

රට ගොඩනැගීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තම උපරිම සහය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදයේ දී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ පසුගිය වසරේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කළ පළමු කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය වසර එක හමාරක කාලය තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පසුගිය මාස 18 තුළ සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළ බවයි ඔහු කියාසිටියේ.

කෙසේ වෙතත් ආණ්ඩුවේ පාර්ශවයේ විරෝධය හේතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම කිසිවිටෙකත් ක්‍රියාත්මක නොවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා ඊයේ රාජාසන කතාවේදී රට මුහුණ දී ඇති ගැටලු විසඳා ගැනීමට සියලු පාර්ශවයන් එක්වන ලෙසට ඉල්ලා සිටි බැවින් ඒ සඳහා තම සහයෝගය ලබාදීමට සූදානම් බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?