සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහාය දීමට සූදානම් – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

රට ගොඩනැගීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තම උපරිම සහය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදයේ දී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ පසුගිය වසරේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කළ පළමු කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය වසර එක හමාරක කාලය තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළ බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පසුගිය මාස 18 තුළ සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළ බවයි ඔහු කියාසිටියේ.

කෙසේ වෙතත් ආණ්ඩුවේ පාර්ශවයේ විරෝධය හේතුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම කිසිවිටෙකත් ක්‍රියාත්මක නොවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා ඊයේ රාජාසන කතාවේදී රට මුහුණ දී ඇති ගැටලු විසඳා ගැනීමට සියලු පාර්ශවයන් එක්වන ලෙසට ඉල්ලා සිටි බැවින් ඒ සඳහා තම සහයෝගය ලබාදීමට සූදානම් බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

https://www.youtube.com/watch?v=8joGTo9YPb0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32