සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවකට අත්සන් තැබෙයි ?

ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී එය මේ වෙන විට දේශපාලන අර්බුදයක් බවට පෙරලෙමින් පවතින බව අවධාරණය කරන පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායම, සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට වහාම කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

රට අරාජිකතාවයෙන් ගොඩගැනීම සඳහා යෝජනා 11ක් ද ඔවුන් විසින් අද දහවල් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබිණ.

පසුගිය 05වෙනිදා සිට පාර්ලිමේන්තුව ස්වාධින කණ්ඩායමක් ලෙස කටයුතු කරන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ දහයේ එකතුව වෙනුවෙන් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්ක්කර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති මෙම යෝජනමලවට අත්සන් කර තිබේ.

එම ලිපිය පහත පරිදි වේ.

අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01

අතිගරු ජනාධිපතිතුමනි,

සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී එය මේ වෙන විට දේශපාලන අර්බුදයක් බවට පෙරලෙමින් පවතියි. රට තුළ උද්ගත වී තිබෙන බරපතල අර්බුදකාරී තත්වය හමුවේ සියළු භේද පසෙකලා ජනතාව ඒකරාශී වෙමින් සිටිති.

එබැවින් පක්ෂ භේද පසෙක තබා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ එකතු වී රට අරාජික සහ අස්ථාවර වීම වැලැක්වීමට මහජනතාවට පිළිගත හැකි විශ්වාසනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මෙම ලිපියට අත්සනක් තබන ආණ්ඩුව නියෝජනය කරමින් සිට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් වෙනුවෙන් අපි අවධාරණය කරමු.
ඒ සඳහා පහත සඳහන් පියවර වහාම ගත යුතු බව අපි යෝජනා කරමු. එකී පියවර මගින් මහජන අසහනය දුරු කර ජන ජීවිතය යථා තත්වයට පත් කර තමන් කැමති ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දීම සඳහා පරිසරය නිර්මාණය කළ යුතු බව අපි විශ්වාස කරමු.

1). ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම.

2). අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය තාර්කික පදනමක් මත සකස් වූ සීමිත අමාත්‍යංශ ගණනක් සහ ඒවායේ විෂය පඨය ජාතික විධායක සභාව විසින් තීරණය කිරීම.

3).ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම.

  1. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් සීමිත ඇමති මණ්ඩලයක් පත් කිරීම.

5). ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීම.

  1. ඇමතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර කටයුතු කිරීම.
  2. ජාතික විධායක සභාව විසින් සෑම අමාත්‍යංශයක් සඳහාම විශේෂඥයින්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කිරීම.

8). ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, විදුලිය, ඛනිජතෙල්, ගෑස්, පොහොර හා අනෙක්තු කෘෂිකාර්මික යෙදුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම.

9). පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාතික විධායක සභාවේ නිර්දේශය මත ජනාධිපති විසින් ජාතික ආර්ථික සභාවක් පත් කිරීම.

10). විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර සුදුසු සංශෝධන සහිතව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි පැනවීම.

11). අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, බලශක්ති වැනි විෂයන් සඳහා දශක ගණනාවක සිට රටට අවශ්‍යව තිබුණු ආණ්ඩු වෙනස් වීම සමඟ වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තීන් වෘත්තිකයින්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මාස හයක කාල සීමාව තුළ දී සකස් කිරීම.

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවකට අත්සන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43