සරසවි සිහින දුටු තරුණිය නිදි යහනේම අවසන් ගමන් යයි

නින්දට ගිය තරුණියක් නිදි යහනේදීම අවසන් ගමන් ගිය සිදුවීමක් තලාතුඔය උඩුවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, මොනරංගල පදිංචි වයස අවුරුදු 22ක රත්නායක මුදියන්සේලාගේ සඳුනි හංසමාලි බණ්ඩාර නමැති තරුණියක්.

වරින් වර සෙම් රෝගය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්ත ද ඇයට වෙනත් කිසිදු රෝගාබාධයක් තිබී නැහැ.

සිද්ධිය වූ දින රාත්‍රියේ නිවසේ ගතකර ඇත්තේ, මෙම දියණිය සහ මව පමණයි. පියා ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටතට ගොස් තිබූ බව සඳහන්.

තරුණිය රෝහල්ගත කරනවිටත් මිය ගොස් සිටි බවයි වෛද්‍යවරු ප්‍රකාශ කළේ.

ඇය පස්දුන් රට විද්‍යා පීඨයට ඇතුළුවීමට නියමිතව සිටියේ මිය ගිය දිනට දෙදිනකට පසුව බවත් ඒ සඳහා ඇඳුම් පැලඳුම් ද සුදානම් කර සිහින මවමින් සිටි බවත් මව සඳහන් කළා.

මෙම සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර රෝහලේ දී සිදුකර ඇති අතර මිය යෑමට හේතුව මොළයේ රුධිර කැටියක් සිරවීම බවයි අධිකරණ වෛද්‍යවරයා තීරණය කර ඇත්තේ.

තලාතුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13