spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සරසවි සිහින දුටු තරුණිය නිදි යහනේම අවසන් ගමන් යයි

නින්දට ගිය තරුණියක් නිදි යහනේදීම අවසන් ගමන් ගිය සිදුවීමක් තලාතුඔය උඩුවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, මොනරංගල පදිංචි වයස අවුරුදු 22ක රත්නායක මුදියන්සේලාගේ සඳුනි හංසමාලි බණ්ඩාර නමැති තරුණියක්.

වරින් වර සෙම් රෝගය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්ත ද ඇයට වෙනත් කිසිදු රෝගාබාධයක් තිබී නැහැ.

සිද්ධිය වූ දින රාත්‍රියේ නිවසේ ගතකර ඇත්තේ, මෙම දියණිය සහ මව පමණයි. පියා ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටතට ගොස් තිබූ බව සඳහන්.

තරුණිය රෝහල්ගත කරනවිටත් මිය ගොස් සිටි බවයි වෛද්‍යවරු ප්‍රකාශ කළේ.

ඇය පස්දුන් රට විද්‍යා පීඨයට ඇතුළුවීමට නියමිතව සිටියේ මිය ගිය දිනට දෙදිනකට පසුව බවත් ඒ සඳහා ඇඳුම් පැලඳුම් ද සුදානම් කර සිහින මවමින් සිටි බවත් මව සඳහන් කළා.

මෙම සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර රෝහලේ දී සිදුකර ඇති අතර මිය යෑමට හේතුව මොළයේ රුධිර කැටියක් සිරවීම බවයි අධිකරණ වෛද්‍යවරයා තීරණය කර ඇත්තේ.

තලාතුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
0
+1
1
+1
22
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?