spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සය නිවුන් බිළිඳුන්ගෙන් අයෙක් මියගිය හේතුව හෙළිවෙයි (වීඩියෝ)

කාසල් වීදියේ කාන්තා රෝහලේදී උපත ලැබූ සය නිවුන් දරුවන්ගෙන් මියගිය බිළිඳාගේ මරණයට හේතුව පෙනහළුවලට රුධිරය ගමන් කිරීම බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කළේ රෝහලට රැගෙන එන විට බිළිඳාගේ බර ග්‍රෑම් 620ක්ව තිබූ බවයි.

රෝහලට රැගෙන ආ දිනයේ සිට යන්ත්‍ර මගින් කෘතීම ශ්වසනය ලබාදී අවශ්‍ය ඖෂධ ඇතුලු ප්‍රතිකාර ද බිළිඳාට ලබාදී තිබෙනවා.

එහෙත් පෙනහළුවලට රුධිර ගලනයක් සිදුවීම හේතුවෙන් අතිශයින්ම නොමේරූ බිළිඳෙක් වූ එම දරුවා ජීවිතක්ෂයට පත්වූ වෛද්‍ය ජී විජේසූරිය මහතා කියාසිටියේ.

මෙවැනි අතිශය නොමේරූ බිළිඳෙකුට ඇතිවිය හැකි සංකූලතා රැසක් වන අතර ඉන් ප්‍රධාන වන්නේ පෙනහළුවලට රුධිරය ගමන් කිරීම බව ඔහු පෙන්වා දෙනවා.

පෙනහළු ප්‍රමාණවත් තරම් මෝරා නොමැති නිසා සාමාන්‍ය ආශ්වාසයෙන් ඔක්සිජන් දරා ගැනීමට නොහැකි වීම හමුවේ මෙවැනි මරණ සිදුවන බව ද ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
11
+1
0
+1
5
+1
106
+1
37
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?