සය නිවුන් බිළිඳුන්ගෙන් අයෙක් මියගිය හේතුව හෙළිවෙයි (වීඩියෝ)

කාසල් වීදියේ කාන්තා රෝහලේදී උපත ලැබූ සය නිවුන් දරුවන්ගෙන් මියගිය බිළිඳාගේ මරණයට හේතුව පෙනහළුවලට රුධිරය ගමන් කිරීම බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කළේ රෝහලට රැගෙන එන විට බිළිඳාගේ බර ග්‍රෑම් 620ක්ව තිබූ බවයි.

රෝහලට රැගෙන ආ දිනයේ සිට යන්ත්‍ර මගින් කෘතීම ශ්වසනය ලබාදී අවශ්‍ය ඖෂධ ඇතුලු ප්‍රතිකාර ද බිළිඳාට ලබාදී තිබෙනවා.

එහෙත් පෙනහළුවලට රුධිර ගලනයක් සිදුවීම හේතුවෙන් අතිශයින්ම නොමේරූ බිළිඳෙක් වූ එම දරුවා ජීවිතක්ෂයට පත්වූ වෛද්‍ය ජී විජේසූරිය මහතා කියාසිටියේ.

මෙවැනි අතිශය නොමේරූ බිළිඳෙකුට ඇතිවිය හැකි සංකූලතා රැසක් වන අතර ඉන් ප්‍රධාන වන්නේ පෙනහළුවලට රුධිරය ගමන් කිරීම බව ඔහු පෙන්වා දෙනවා.

පෙනහළු ප්‍රමාණවත් තරම් මෝරා නොමැති නිසා සාමාන්‍ය ආශ්වාසයෙන් ඔක්සිජන් දරා ගැනීමට නොහැකි වීම හමුවේ මෙවැනි මරණ සිදුවන බව ද ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

  1. WHEN INFANT IN MOTHER THE RESIPIRATORY ORGANS NOT WORK, BUT BLOOD CIRCULTION,MOVEMENTS WILL WORK. WHEN HE COMES OUT ALL SYSTEMS START TO WORK. SINCE THIS CHILD IS 640GRMS WEIGHT ANS VERY TINY IN SIZE AND LIGHT IN WEIGHT HIS LUNGS ARE NOT FIT FOR RESIIRATORY WORK. BUT BLOOD PUPM INTO THE LUNGS TO ABSORB OXYGEN AND DISPOSE CRBONDIOXIDE. BUT HIS LUNGS SYSTEM IS VERY TINY AND NOT DEVELOP TO DO THAT WORK, SO THE SOLUTIONIS TO FIX AN ARTIFICIAL VENTILAOR BUT IT DOES NOT HELP TO LUNGS SO BYFORCELY PUSH OXYGEN INTO LUNGS, NATURALLY LUNGS GET DAMAGE DUE TO TINYNESS AND VERY LEAN WALLY LIKE TISSUES IN BLOOD VESSELS SO BLOOD COME INTO LUNGS AND CANNOT BREATH.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30