සමීප සහකරුගෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය අතින් බංග්ලාදේශය තවමත් ලොව දරුණුතම මට්ටමක

බංග්ලාදේශය තුළ සමීප සහකරුවන් (ස්වාමිපුරුෂයන් හෝ පෙම්වතුන්) අතින් කාන්තාවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වය (Intimate Partner Violence) තවදුරටත් ලෝකයේ දරුණුතම මට්ටමක පවතින බව ‘ද ඩේලි ස්ටාර්’ (The Daily Star) පුවත්පත වාර්තා කරනවා.

ගෝලීය සහ ජාතික දත්ත විශ්ලේෂණයන්ට අනුව, සහකරුවන්ගෙන් සිදුවන ශාරීරික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වය අතින් බංග්ලාදේශය ගෝලීය වශයෙන් 11 වන ස්ථානයේ පසුවන අතර, දකුණු ආසියාවෙන් දෙවැනි වන්නේ ඇෆ්ගනිස්ථානයට පමණයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මෑතකාලීන දත්තවලට අනුව බංග්ලාදේශයේ කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුම පාහේ මෙවැනි ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී තිබෙනවා.

බංග්ලාදේශ සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (BBS) නවතම සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 15 සහ ඊට වැඩි කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගෙන් සියයට 70ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ මෙවැනි හිංසනයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවද, තම ස්වාමිපුරුෂයන්ගෙන් සිදුවන අපයෝජන පිළිබඳව උපකාරක සේවාවන් වෙත දිනකට සාමාන්‍යයෙන් ඇමතුම් 51ක් ලැබෙන අතර, එය පසුගිය වසර අටක කාලය තුළ වාර්තා වූ ඉහළම අගයයි.

මෙම හිංසනයන්ට ගොදුරු වන කාන්තාවන්ගෙන් සියයට 64ක් පවුලේ ගෞරවය හෝ දරුවන්ගේ අනාගතය සිතා කිසිවෙකුටත් ඒ පිළිබඳව පවසන්නේ නැහැ.

නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ සියයට 7.4ක් වැනි සුළු පිරිසක්.

පවතින වෙනස්කොට සැලකීමේ පවුල් නීති, සම්ප්‍රදායික සමාජ මතවාද සහ පාලනකාමී හැසිරීම් මෙම බරපතල තත්ත්වය අඛණ්ඩව පැවතීමට හේතු වී ඇති බව විද්වත්හු පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49