Fly high Get bonus Aviator Phone

සමාන අංක ඇති යතුරුපැදි දෙකක් ගැන පොලිස් පරීක්ෂණයක්

යතුරු පැදි දෙකක් සදහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය මගින් එකම ලියා පදිංචි අංකය ඇතුළත් අංක තහඩු නිකුත් කිරීමේ සිද්දියක් සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මගින් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

එක් යතුරුපැදියක හිමිකරු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයන්ට අදාළවයි කැකිරාව පොලිසිය එම යතුරුපැදි පොලිස් භාරයට ගෙන ඇත්තේ.

එම යතුරු පැදි එකම වර්ගයේ සහ එකම පැහැයෙන් යුක්ත අතර එකම ධාරිතාවයෙන් ද යුතු ඒවා වනවා.

එකම ලියාපදිංචි අංකය සහිත මෙම යතුරු පැදි දෙක සඳහා ඒවායේ හිමිකරුවන් විසින් වෙන වෙනම කල්බදු පහසුකම් ද ලබා ගෙන තිබීම ද විශේෂත්වයක්.

එම යතුරු පැදි දෙක සදහා අංක තහඩු නිකුත් කිරීමේදී එක් යතුරු පැදියකට පළාත් අක්ෂර සහිත අංක තහඩු ද අනෙක් යතුරු පැදිය සදහා දැනට නිකුත් කෙරෙන පළාත් අක්ෂර රහිත අංක තහඩු ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය මගින් නිකුත් කර තිබෙනවා.

පළාත් අක්ෂර සහිත යතුරු පැදිය මැදවච්චිය ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක්.

ඔහු පොලිසියට පවසා ඇත්තේ මීට වසර කිහිපයකට පෙර තමන් එම යතුරු පැදිය මිලදී ගත් අතර කිසිදු අවස්ථාවක තම යතුරු පැදිය වෙනත් අයෙකුට විකිණීමක් හෝ පැවැරීමක් ද සිදුකර නොමැති බවයි.

අනෙක් යතුරු පැදිය මඩාටුගම පුද්ගලයකුට අයත් වන අතර එය තැරුව්කරුවකු මගින් මිළදී ගත් බව හිමිකරු පොලිසියට පවසා තිබෙනවා.

අදාළ යතුරු පැදි දෙක සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් එකම ලියාපදිංචි අංක ඇතුළත් අංක තහඩු කට්ටල දෙකක් නිකුත් කර තිබීමත්, එකම යතුරු පැදියේ තොරතුරු ඇතුළත් ලියාදිංචි සහතික දෙකක් පුද්ගලයින් දෙදෙනකුට නිකුත් කර තිබීමත්, කිසියම් වංචාවක් විය හැකි බවටයි පොලිසිය සැක කරන්නේ.

ඒ අනුව අදාළ යතුරු පැදි දෙක සහ ඒවාට අදාළ ලිපි ලේඛන වැඩිදුර විමර්ශණ සඳහා කැකිරාව පොලිස් ස්ථානය භාරයට ගෙන තිබෙනවා.

එම යතුරු පැදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ අනුරාධපුර මොටර් රථ පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට ද පොලිසිය කටයුතු කර තිබුණා.

මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් හෙළිවී ඇති කරුණු අනුව බොහෝ විට මෙය කල්බදු සමාගම්, තැරැව්කරුවන් සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ඇතැම් නිලධාරීන් සමග එක්ව සිදුකරනු ලබන කිසියම් ජාවාරමක් විය හැකි බවටයි පොලිසිය සැක කරන්නේ.

කැකිරාව පොලිස් ස්ථානය මගින් එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

දැනට පොලිස් භාරයේ පවතින එම යතුරු පැදි කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාස හයක ගැබිණි බිරිඳ තනිකර යන්න ගිය සැරයන් තුසිත - ගුවන් අනතුර නිසා සිදුවූ සංවේදීම සිදුවීම
03:09
Video thumbnail
duka ඡන්දය අරගෙන මොනවද මේ කරන්නේ - ගාල්ලෙන් ඇහෙන දුක හිතෙන කතාව
06:19
Video thumbnail
ජීවිත 6 ක් අහිමි වුණු මහා ඛේදවාචකය - දේහයන් ඥාතීන්ට භාරදුන් හැටි
05:21
Video thumbnail
කොළඹ ආමර් වීදියේ ගින්න ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන් තර්ජනයක්
04:24
Video thumbnail
බෙල් 212 - මේක නම් ෆිල්ම් එකක කොටසක් වගේනෙ
02:10
Video thumbnail
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළියේදි ජනපතිත් එක්වෙයි
07:45
Video thumbnail
බිහිසුණු ගුවන් අනතුරින් දිය යට සැඟව ගිය බෙල් 212 යානය ගොඩට ගත් හැටි
02:44
Video thumbnail
අභිරහස් ගින්නෙන් කොළොම්තොට අහසම වෙලාගෙන අවසන්!
03:57
Video thumbnail
කොටහේන දැරියගේ සිද්ධියට ගේම අදින කාන්තාවෝ වැඩ අරඹයි
03:52
Video thumbnail
අකාලයේ පරවූ මල් කැකුළට යුක්තිය ඉටුවේවිද ?
00:38

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?