spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමාජ සංහිඳියාව වෙනුවෙන් යාපනය සහ රජරට විශ්වවිද්‍යාලය ශිෂ්‍යයින් අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ සමාජ සංහිඳියා කේන්ද්‍රය මගින් සංවිධානය කරන ලද සමාජ සංහිඳියාව වර්ධනය කිරීමේ වැඩසටහනක් එම විශ්වවිද්‍යාලයේදී ඊයේ දවස පුරා පැවැත්විණි.

මෙම වැඩසටහන යාපනය විශ්ව විද්‍යාලයේ සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ලෝකයේ දියුණු රටවල් නිර්මාණය වී ඇත්තේ ඒක පුද්ගල ආදායම් මත නොව සමාජ සංහිඳියාව මත පදනම්ව බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පාරිසරික කළමනාකරණය පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය J.M.S.B.ජයසුන්දර මහතා පවසයි .

සමාජ සංහිදියාව ඇති කිරීම සඳහා වන නායකත්වය විශ්වවිද්‍යාල සිසුන් අතර ඇති කිරීම අරමුණැතිව මෙම සංහිඳියාව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර එහි සුවිශේෂී වැඩසටහන ලෙස දකුණට අයත් දේශීය ආහාර නිෂ්පාදනය කරමින් උතුරේ සිසුන්ට ඒ පිළිබඳව දැනුම ලබා දීමේ ‘ දේශීය ආහාර නිෂ්පාදන මේලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මීට අමතරව මෙම වැඩසටහන යටතේ වැව් ආශ්‍රිත පාරිසරික වැඩසටහනක් හා සංස්කෘතික ප්‍රසංගයක් පැවති අතර මෙහි දෙවන පියවර ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?