සම්බාධක නොතකා රුසියාවට ඩ්‍රෝන තාක්ෂණය දුන් බවට චීනයට චෝදනාවක්

බටහිර තහනම් යටතේ පවතින රුසියානු රාජ්‍ය ආයුධ නිෂ්පාදකයෙකු සමඟ චීන ඩ්‍රෝන් විශේෂඥයින් එක්ව වැඩ කළ බව ලේඛන සහ යුරෝපීය ආරක්ෂක අධිකාරීන් උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කරනවා.

වාර්තා අනුව, චීන විශේෂඥයින් 2023 මැද සිට කිහිප වරක් IEMZ Kupol කර්මාන්තශාලාවට ගොස් හමුදා ඩ්‍රෝන සංවර්ධනය, පරීක්ෂා සහ තාක්ෂණික කටයුතු සඳහා සහාය ලබා දී තිබෙනවා.

Kupol සමාගම තහනම් ලද රුසියානු මැදිහත්කරු හරහා චීනයේ ගොඩනැගූ ප්‍රහාර හා නිරීක්ෂණ ඩ්‍රෝන කිහිපයක්ද ලබාගෙන ඇතැයබි රොයිටර්ස් වාර්තාවේ සඳහන්.

Reuters නිරීක්ෂණය කළ ලේඛන අනුව Sichuan AEE සහ Hunan Haotianyi වැනි චීන සමාගම් රුසියානු පද්ධතිවලට යාවත්කාලීන කළ A140, A900, A60, A100, A200 වැනි පරමාණු ප්‍රහාර ඩ්‍රෝන සහ අමතර කොටස් සපයමින් ඇතැයි ප්‍රවෘත්ති වාර්තාවේ දැක්වෙනවා.

චීන විශේෂඥයින් ඩ්‍රෝන රැඳවීම, කුපෝල් කාර්ය මණ්ඩලයට පුහුණුව දීම, සහ Chebarkul වැනි රුසියානු පරීක්ෂණ කඳවුරු වෙත ගොස් තිබෙන බවද රොයිටර්ස් වාර්තා කළා.

රොයිටර්ස් කළ විමසීමක දී චීන විදේශ අමාත්‍යාංශය “අවි හුවමාරුවක් සිදු නොවූ බව” අවධාරණය කර ඇති අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය, Kupol සහ සම්බන්ධිත සමාගම් ප්‍රතිචාර දක්වා නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32