සඳ මතට ගිය යානාවලින් සංඥා නොමැති වීමෙන් ඉන්දීය සඳ ගවේෂකයන් කනස්සල්ලෙන්

ඉන්දියාවේ සඳ මෙහෙයුමේ නිරත විද්‍යාඥයන් දැඩි අභියෝගයකට මුහුණ දී සිටිනවා.

ඒ ඔවුන් සඳ මතට යොමු කර ඇති ලෑන්ඩරය සහ රෝවරයෙන් කිසිදු සංඥාවක් නොලැබී යාම හේතුවෙන්.

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වන ඉස්රෝ (Isro) පවසන්නේ නව චන්ද්‍ර දිනයක් ආරම්භ වන බැවින් සඳ ලෑන්ඩරය සහ රෝවරය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරමින් සිටින නමුත් මෙතෙක් කිසිදු සංඥාවක් ලැබී නොමැති බවයි.

ලෑන්ඩරය, රෝවරය සමග පසුගිය අගෝස්තු මාසයේදී සඳෙහි මෙතෙක් ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවය අසලට ළඟා වුණා.

ඔවුන් එහි දත්ත සහ ඡායාරූප රැස් කිරීමට සති දෙකක් ගත කළ අතර, පසුව මෙම උපකරණ නිද්‍රාශීලීත්වයට (sleep mode) පත් කිරීමටයි ඉන්දීය සඳ ගවේෂකයන් කටයුතු කර තිබුණේ.

අද දිනයේ හිරු උදාවන විට ලෑන්ඩරය සහ රෝවරය බැටරි නැවත ආරෝපණය කර නැවත පිබිදෙනු ඇති බවට ඉස්රෝ බලාපොරොත්තුවෙන් පසු වුණා.

රාත්‍රියේ අධික ශීතල හමුවේ ආරෝපණ බැටරිවලට හානි විය හැකි බවට මතයක් පවතිනවා.

ඊයේ ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය වාර්තා කළේ වික්‍රම් ලෑන්ඩර් සහ ප්‍රග්‍යාන් රෝවරය සමඟ සන්නිවේදනය ඇති කර ගැනීමේ උත්සාහයන් අඛණ්ඩව සිදු කරන බවයි.

ඉන්දියාව සිය චන්ද්‍රයාන්-3 මෙහෙයුමෙන් ඉතිහාසගත වූයේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ පළමු රට බවට පත් වෙමින්.

එය එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත ගොඩබෑමක් සාක්ෂාත් කර ගත් පළමු රටයි.

ගොඩබෑම චන්ද්‍ර දිනයක් ආරම්භ වීමට සමගාමීව සැලසුම් කරනු ලැබුවේ වික්‍රම් සහ ප්‍රග්‍යාන්ට සති දෙකක හිරු එළිය ලැබෙනු ඇති බවට අපේක්ෂාවෙන්. සඳ මත එක් දිනක් පෘථිවියේ සති හතරකට මඳක් සමාන වන අතර දිවා රාත්‍රිය බැගින් දින 14ක් පමණ පවතිනවා.

අභ්‍යවකාශ ඒජන්සිය ඔවුන්ගේ චලනයන් සහ සොයාගැනීම් පිළිබඳ නිරන්තර යාවත්කාලීන කිරීම් සිදු කළ අතර ඔවුන් විසින් ගන්නා ලද ඡායාරූප ද ප්‍රසිද්ධ කෙරුණා.

මෙම යානා දෙක නිද්‍රාශීලීත්වයට පත් කිරීමේදී ඉස්රෝ පැවසුවේ යානා ඔවුන්ගේ සියලු කටයුතු සම්පූර්ණ කර ඇති අතර ඊළඟ චන්ද්‍ර දින ආරම්භයේදී ඔවුන් නැවත අවදි වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

විශේෂඥයන් චීනයේ Chang’e4 ලෑන්ඩරය සහ Yutu2 රෝවර් උදාහරණය ගෙනහැර දැක්වූ අතර එය හිරු උදාවත් සමඟ කිහිප වතාවක්ම පිබිදී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
3
+1
6
+1
6
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57