සති පාසල වැඩසටහන ජාත්‍යන්තරයට ගෙනයාමට සූදානම් – ඇමති සුසිල් (ඡායාරූප)

විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල් දරුවන්ගේ සතිය පවත්වාගැනීමට අවශ්‍ය පරිචය ඇති කිරීම සඳහා ‘සති පාසල වැඩසටහන‘ ඉමහත් පිටුබලයක් සලසන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පාසල් දරුවන් තුළ සතිමත්භාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් අද (20) දින පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවති ‘සති පාසල‘ වැඩසටහන් මාලාවේ 2024 සමාරම්භක වැඩසටහන සඳහා එක්වෙමිනි.

දරුවන්ගේ හදවත් තුළ මෘදු කුසලතා සංවර්ධනය කරමින් සමාජ සංවේදී, නිර්මාණශීලී අභියෝග ජයගත හැකි විනයගරුක පුරවැසියන් ලෙස සමාජගත කරවීම පිණිස ‘සතිය‘ අත්‍යවශ්‍ය වන බවත් කිසිදු ආගමකට සීමා නොවී සති පාසල වැඩසටහන මෙරට සියලු‍ පාසල් අතර ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

වෙසක් දිනය ජාත්‍යන්තරව පිළිගත් දිනයක් බවට පත් කිරීමට හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මූලිකත්වය ගෙන කටයුතු කළ ආකාරය ද සිහිපත් කළ අමාත්‍යවරයා යුනෙස්කෝ අධ්‍යක්ෂක මණ්ඩලයට තමා තේරී පත්ව සිටින නිසා මෙම සති පාසල වැඩසටහන ද ජාත්‍යන්තරයට ගෙන යාමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවද තවදුරටත් අවධාරණය කර සිටියා.

මෙම වැඩසටහන් මාලාව පාසල් පද්ධතිය තුළ වඩාත් සාර්ථකව ක්‍රියාවට නැංවීම පිණිස පළාත් මට්ටමින් සම්පත්දායකයින් පුහුණු කරන බවත් පාසල් තුළ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන ආකාරය නිරන්තර අධීක්ෂණයට ලක් කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, පසුගිය වසරේ සිට පාසල් තුළ ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සියලු‍ දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ද පැවසූවා.

WhatsApp Image 2024 02 20 at 12.59.48 1
WhatsApp Image 2024 02 20 at 12.59.47
WhatsApp Image 2024 02 20 at 12.59.55
WhatsApp Image 2024 02 20 at 12.59.54 1
WhatsApp Image 2024 02 20 at 12.59.54
WhatsApp Image 2024 02 20 at 12.59.53
WhatsApp Image 2024 02 20 at 12.59.52
WhatsApp Image 2024 02 20 at 12.59.51
WhatsApp Image 2024 02 20 at 12.59.50 1
WhatsApp Image 2024 02 20 at 12.59.50
WhatsApp Image 2024 02 20 at 12.59.49
WhatsApp Image 2024 02 20 at 12.59.48
  1. දරුවන් රටක ජීවනාලියයි. දරුවන් සඳහා දියහැකි ඉහලම ත්‍යාගය “සති පුහුණුවයි”. සතිය පුරුදු කරන දරුවාගේ සිහි නුවන වැඩෙයි.
    සතිය ඉගෙන ගන්න දරුවා ජිවිතයේ පැමිණෙන ඕනෑම අභියෝගයකදී නොසැලී මුහුණ දෙයි.
    සතිමත් දරුවා රටක වටිනා සම්පතක්.
    දරුවන්ට සතිය හඳුන්වා දීම අධ්‍යාපන ක්ෂේස්ත්‍රයේ “උගත් කම සමග යහපත් කම” සඳහා හැරවුම් ලක්ෂයක්.
    ජාති ආගම් යන සියලු බේද නොමැතිව කරගෙන යන මෙම “සති පාසල” වැඩ සටහන මුළු ලංකාවට ද ලෝකයට ද ආදර්ශයක් වේවා.