සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වාට ජනපති රනිල්ගේ සහාය හිමිවෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් ජනාධිපතිවරයා වෙත සෘජුවම ඉදිරිපත් කරන ලද සංවර්ධන ව්‍යාපෘති යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, අනුව මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා 85ක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙලෙස ප්‍රතිපාදන වෙන්කර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් 50,200,000ක මුදලක් නිදහස් කරන ලෙසයි ජනාධිපතිවරයා මෙලෙස නියෝග කර ඇත්තේ.

WhatsApp Image 2024 04 08 at 10.54.30 AM


අපගේ නවතම වීඩියෝ පුවත්