AFC Banner
Empty Ad
Empty Ad

සංවර්ධනය වෙමින් පවතින සහ දිළිඳු ජාතීන්ගේ ණය කඩිනම් නැවත සකසන ලෙස ඉන්දීය මුදල් ඇමති ඉල්ලයි

ජාත්‍යන්තර ණය අර්බුදය විසඳීම සහ ගෝලීය දරිද්‍රතා අභියෝගයට ආමන්ත්‍රණය කිරීම එකිනෙකට සමඟ සමීපව බැඳී ඇති බව ඉන්දීය  මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්  පවසනවා.

ඉන්දියාවේ සභාපතිත්වය යටතේ වොෂින්ටන්හිදි ආරම්භ වූ ජී ​​20 මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ දෙවැනි රැස්වීමේදී සීතාරාමන් ඉල්ලා සිටියේ දිළිඳු  සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ණය කාලෝචිත ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නා ලෙසයි.

බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සහ ඒවායේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය ශක්තිමත් කිරීමේ න්‍යාය පත්‍රයේ ප්‍රගතිය ද මෙහිදී  සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය මුදල් අමාත්‍ය සීතාරාමන් සහ ඉන්දීය රිසර්ව් බැංකුවේ අධිපති ශක්තිකාන්ත දාස්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ගෝලීය ආර්ථිකයට ඇති අභියෝග, ගෝලීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු ශක්තිමත් කිරීම වැනි ප්‍රධාන කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය  මුදල් අමාත්‍යාංශය ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

ලෝකයේ අඩු ආදායම්ලාභී රටවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ණය උවදුරේ ඉහළ අවදානමක හෝ දැනටමත් එයට මුහුණ දී සිටින බවටයි ගණන් බලා ඇත්තේ.

එම ගණනයට අනුව අඩු ආදායම්ලාභී රටවල් 70කගේ පමණ සමස්ත ණය බර ඩොලර් බිලියන 326ක්.

ජී 20 කාණ්ඩයේ විශාලතම ආර්ථිකයන් හිමි රටවල්  2020 දී දුප්පත් රටවලට ආපසු ගෙවිය නොහැකි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සුමට කිරීම සඳහා පොදු රාමුවක් අනුමත කර ඇතත්, කිසිදු ජාතියකට තවමත් ඒ යටතේ සහනයක් ලැබී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32

?