සංචාරක වීසා මත රැකියාවලට කතුන් රට පැට වූ දෙදෙනෙක් අත්අඩංගුවට

සංචාරක වීසා මඟින් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගත කරන පුද්ගලයින් දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් “ඩොල්ලා” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු විසින් රැකියාවන් සඳහා සංචාරක වීසා මඟින් කාන්තාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත් කර ඇති අතර, එරට දී සිදුව ඇති හිරිහැර හේතුවෙන් එම කාන්තාව රැකියාව සඳහා යොදවා සිටි නිවසින් පිටත්ව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.

පසුව එම කාන්තාව තානාපති කාර්යාලය මඟින් පවත්වාගෙන යන සුරක්ෂා මැදුර වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

සුරක්ෂා මැදුරේ රඳවා සිටි කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි අදාළ සැකකරු ඊයේ (24) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර සංචාරක වීසා මඟින් රැකියාවක් සඳහා ඕමානයට කාන්තාවක් පිටත්කර යැවීමට සූදානම් වූ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සංචාරක වීසා මඟින් ඕමානයට යාමට පැමිණි කාන්තාවක් සතුව තිබූ ලියකියවිලි පරීක්ෂා කර ඇති කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් ඇයව රඳවා ගෙන ප්‍රශ්ණ කර ඇති බව සඳහන්.

එහිදී අනාවරණය වී ඇත්තේ සංචාරක වීසා මත ඕමානයේ රැකියාවක් සඳහා පිටත්ව යාමට පැමිණි බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ඇයගෙන් ලද තොරතුරු අනුව කටුකායක ගුවන් තොටුපොළේ රැඳී සිටි සැකකරුව ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39