සංචාරක කාන්තාවගේ බෑගය පැහැරගත් සැකකරුවන් ළමයින් දෙදෙනෙකුගේ සහායෙන් අල්ලයි

සීගිරිය නැරඹීමට ගිය තුර්කි ජාතික සංචාරක කාන්තාවකගේ බෑගය සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකුගේ සහායෙන් සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා.

අද උදෑසන මෙම කාන්තාව සීගිරියට ගොස් ඇති අතර, ඇය යතුරුපැදියකින් පැමිණ හරස් මාර්ගයකින් නැවත සිය නවාතැනට යමින් සිටියදීයි ගමන් බෑගය සැකකරුවන් විසින් පැහැරගෙන ඇත්තේ.

සැකකරුවන් මෙම සංචාරක කාන්තාවට පහරදී ඇයගේ මුදල් සහිත බෑගය පැහැරගෙන ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බව සඳහන්.

යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරී රිය පැදවීම නිරීක්ෂණය කළ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු එම යතුරුපැදි අංකය සටහන් කර දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා.

කොල්ලය පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු ළමයින් සංචාරකයා පදිංචිව සිටි නවාතැනේ හිමිකරුට යතුරුපැදි අංකය සම්බන්ධයෙන් දැනුම්දී පසුවයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

සීගිරිය පොලිසිය විසින් විනාඩි 45ක් ඇතුළත සැකකරුවන් ලුහුබැඳ ගොස් ඇමෙරිකානු ඩොලර් 225ක් සහ රුපියල් 20,000 ක් තිබූ බෑගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුවන්ගේ පහරදීම හේතුවෙන් තුර්කි ජාතික සංචාරක කාන්තාව සීගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසියට තොරතුරු ලබාදුන් දරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 13ක් සහ 12ක් වන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30
Video thumbnail
පාසල් ක්‍රීඩා සෙල්ලම් කරන දරුවන්ට විශේෂ දැනුම්දීමක්
10:52