ශිෂ්‍යත්වය, උසස් පෙළ පිලිබද ගත් තිරණය

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යළි කල්දැමීමට සිදුවන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.

එම  විභාග යම් කාලයකට කල් දමා විෂය ආවරණයට හා විභාගයට සූදානම්වීමට දරුවන්ට කාලය ලබා දීම අවශ්‍ය බවත් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සාකච්ඡා කර ඒ පිළිබඳව නුදුරේදීම ප්‍රකාශයක්  නිකුත් කෙරෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් වසංගතය නිසා  පාසල් වසාදැමීම සහ  ගුරුවරුන්ගේ වැඩ වර්ජනය  අදාළ විභාග කල්දැමීමට  හේතුවූ ප්‍රධාන සාධක අතර වන බවද  ප්‍රේමජයන්ත මහතා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14