කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ භාරයේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගෙන් පැය 72ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙම සැකකරු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ට පැවැති මත්ද්‍රව්‍ය චෝදනා නඩුවකින් අනතුරුව ඔහු නීත්‍යානුකූල ලෙස 2018 වසරේ ජූනි මස 02 වැනිදා මෙරටින් ඩුබායි රාජ්‍යවෙත ගොස් තිබෙනවා.
එහිදී ඔහු අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති අතර මහා පරිමාණ ව්‍යාපාර දෙකක් ද එරට තුළදී සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මොහු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම, අලෙවිය, සන්තකයේ තබා ගැනීම සහ ගිනි අවි සන්තකයේ තබා ගැනීම යන චෝදනාවලට මෙරටට අවශ්‍යව කර සිටි සැකකරුවෙක් වනවා.
ඩුබායි රාජයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (14) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.













