spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශානි අබේසේකරගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම් දීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලබාදීමට තිබෙන හැකියාව සොයා බලා එහි ප්‍රගතිය මේ මස 27 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට විවෘත අධිකරණයේ දැනුම් දුන්නා.

ජීවිත තර්ජන වලට මුහුණපා සිටින තමන්ට නිසි ආරක්‍ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම දැනුම්දීම සිදු කළා.

ශානි අබේසේකර මහතාට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට තිබෙන හැකියාව සොයා බලන ලෙස අභියාචනාධිකරණය ඉකුත් නඩු දිනයේ නීතිපතිවරයාට නියම කර තිබුණා.

මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා අධිකරණය කර දක්වමින් මෙහි ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ නියෝගයේ ප්‍රගතිය දැනුම් දීම සඳහා පෙත්සම මේ මස 27 වනදා කැඳවන ලෙසත් අධිකරනය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?