spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

මේ දිනවල අන්තර් ජාලයේ ව්‍යාජ කොරියානු භාෂා අයදුම් පත්‍රයක් සැරිසරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරන්නේ අයදුම්පත්‍රයක් තම වෙබ් අඩවියේ මෙතෙක් පළ කර නැති අතර එහි ඇත්තේ තොරතුරු විස්තරයක් පමණක් බවත් 2024 වර්ෂයේ කොරියානු භාෂා විභාගයට අදාළ අයදුම්පත්‍රයක් මෙසේ අන්තර් ජාලයේ සැරිසරන බවයි.

එම අයදුම්පත්‍රය කොරියානු භාෂා විභාගයට කිසිදු සම්බන්ධයක් නැති ව්‍යාජ එකක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ. මෙම අයදුම්පත්‍රය සම්පුර්ණයෙන්ම ව්‍යාජ එකක් බව කොරියානු එච් ආර් ඩී කේ ආයතනය නිල වශයෙන් තහවුරු කළා. එම කාර්යාංශය දැනුම් දෙන්නේ මෙම වසරේ කොරියා විභාගයට පෙනි සිටිම බලාපොරොත්තු වන අපේක්ෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති කොරියානු ඊ පී එස් විභාගය සම්බන්ධ උපදෙස් මත පමණක් පදනම්ව කටයුතු කරන ලෙසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?