spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා පාකිස්ථාන තරගයට යළිත් වර්ෂාවෙන් බාධා

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගයට යළිත් වර්ෂාවෙන් බාධා මතුවී තිබෙනවා.

තරගය තාවකාලිකව නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්ථානය පන්දුවාර 27යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 130ක්.

මතීෂ පතිරණ කඩුලු දෙකක් බිඳහෙලුවා. ප්‍රමෝද් මදුෂාන්, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් බිඳහෙලා තිබෙනවා.

Abdullah Shafique ලකුණු 52යි. නායක Babar Azam ලකුණු 29කට දැවී ගියා. Mohammad Rizwan ලකුණු 22ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.

පස්වරු 3ට ආරම්භ වීමට නියමිතව තිබූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් ආරම්භ කෙරුණේ පස්වරු 5.15ටයි.

ඒ එක් කණ්ඩායමකට පන්දුවාර 45 බැගින් ලබාදී ක්‍රීඩා කිරීමට තීරණය කිරීමෙන් අනතුරුවයි.

තීරණාත්මක මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාව සමග තරග කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?