Fly high Get bonus Aviator Phone

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ දිවයිනට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (09) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

අද අලුයම 02.58 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරණ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක්දින තරගාවලි ද්විත්වය සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග සියල්ල ද ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙලෙස දිවයිනට පැමිණියේ.

එළැඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමග තරගාවලියක් ද, ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් සඳහා ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිත බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවේ.

එසේම තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුදීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පැවසූ චමරි අතපත්තු එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය, තරගයෙන් තරගය හොඳින් සැළසුම් කර ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?