spot_imgspot_img
spot_img

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට යෑමේ එක් අවස්ථාවක් ලබන ඉරිදා

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.

ඒ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර, ඊයේ (17) පැවති තරගයේ දී කඩුලු 10ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමත් සමඟයි.

මෙම තරගයේ පළමුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 112ක් රස කිරීමට සමත් වුණා.

ලකුණු 113ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 05ක් තුළ කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසුකර ගියා.

එම ජයත් සමඟ මෙවර තරගාවලිය තුළ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට හැකි වුණා.

මේ අතර මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම ලබාගැනීමට නම් නවසීලන්ත සමඟ මීළඟට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත යුතු වනවා.

එම තරගය එළඹෙන ඉරිදා (19) පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?