ශ්‍රී ලංකා ක්‍රිකට් කරවන බලධාරීන් තෝරන නිලවරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම නිලවරණයේ දී තෝරා පත්කර ගනු ලබන ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ලට 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කිරීමට බලය හිමිවනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද අද (20) කොළඹ ජයික් හිල්ටන් හිදී පැවැත්.වෙනවා.

මේ අතර, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද නව රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ක්‍රියාත්මක වීම අගෝස්තු මස පළමු වනදා සිට බලපැවැත්වෙන බව පසුගිය දා අධිකරණයේ දී තීරණය වුණා.

ඒ, අනුව මීට පෙර සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) දිනයේ පවත්වන අතර, එය පැරණි ක්‍රීඩා රෙගුලාසි අනුවයි පැවැත්වෙන්නේ.

එමෙන්ම අද පවත්වනු ලබන ක්‍රිකට් නිලවරණයෙන් පත්වන නව නිලධාරීන්ට පැරණි ක්‍රීඩා රෙගුලාසි අනුව හිමි ධුර කාලය හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?