ශ්‍රී ලංකාව පැරදුණු තරගයේ දී පැතුම්ගෙන් සුපිරි වාර්තාවක්

මැදපෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් ඉන්දියාව සමග පැවති පළමු විස්සයි විස්ස තරගය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (27) රාත්‍රියේ සිදු වුණා.

ශ්‍රී ලංකා පරාජය කරමින් පළමු විස්සයි විස්ස තරගය ඉන්දීය කණ්ඩායම ජයගත්තේ ලකුණු 43කින්.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා ආරාධනයෙන් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා.

එහිදී පිතිකරුවන් 07 දෙනෙකු දැවී 213ක ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට ඉන්දීය පිතිකරුවන්ට හැකියාව ලැබුණා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් සූර්යකුමාර් යාදෙව් වේගවත් ලකුණු 58ක් රැස් කළ අතර, රිශාබ් පාන්ට් ලකුණු 49ක් රැස් කළා.

මෙහිදී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙ දුර්වල පන්දු රැකීම හේතුවෙන් විශාල ලකුණු සංඛ්‍යාවක් සිය ලකුණු මල්ලට එක්කර ගන්නට ඉන්දීය පිතිකරුවන්ට අවස්ථාව උදා වුණා.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ ලකුණු 40කට ඉන්දීය කඩුලු 04ක් බිද දැමුවා.

අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන් ඉන්දියාවෙන් ලැබුනේ ලකුණු 214ක දැවැන්ත ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි අතර, එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක සබදතාවක් ගොඩනගන්නට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්ට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 45කට දැවී ගියේ අර්ධ ශතකය පෙනෙන මානයේ තිබියදීයි.

ඔහුගේ දැවීයාමෙන් පසු පැතුම් සමග එක් වූ කුසල් පෙරේරා දෙවන කඩුල්ල වෙනුවෙන් හොද සබදතාවක් ගොඩනැගුවා.

ඒ, අතර තුර පැතුම් සිය 11 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කළා.

පැතුම් මෙම තරගයේ දී පන්දු 48ක් තුළ ලකුණු 79ක් රැස්කළ අතර, ඔහුගේ මෙම ඉනිම වාර්තා අතරට එක්වන්නේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවෙක් විස්සයි විස්ස තරගයක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

කුසල් ජනිත් ලකුණු 20කට දැවී ගිය අතර, පැතුම් සහ කුසල් ජනිත්ගේ දැවීයාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ සුපුරුදු කඩා වැටීම ආරම්භ වුණා.

මැදපෙළ පිතිකරුවන්ගේ අනවශ්‍ය කලබලය මීට ප්‍රධාන සාධකය වූ අතර, ඒ හේතුවෙන් සිදුවුනේ අතිරේක පන්දු යවන්නෙක් ලෙස සූර්යකුමාර් යොදාගත් රියන් පරාග්ට කඩුලු 03ක් නිකරුනේ පූජා කරන්නටයි.

කෙසේ වෙතත් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියවී තිබුණේ පන්දුවාර 19යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී ලකුණු 170ක් ලෙසටයි.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 43ක ජයක් හිමි වුණා.

දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය අද (28) පැවැත්වෙන අතර, තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගයේ ජය ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21