ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අඛණ්ඩව සහාය දෙන බව චීනය කියයි

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුද විසඳීමට, ණය බර ලිහිල් කිරීමට සහ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා අඛණ්ඩව ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීම වෙනුවෙන් අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව චීනය පවසනවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියාසිටියේ, හොඳ අසල්වැසියෙකු සහ අවංක මිතුරෙකු ලෙස චීනය ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා සහ අභියෝග කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන අතර තම හැකියාව මත, උපකාර ලබා දෙන බවයි.

චීනය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දුන්නේ ගැටලුව නිසි ලෙස විසඳීම සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වය සමඟ සාකච්ඡා කිරීමේදී සිය මූල්‍ය ආයතනවලට සැමවිටම සහාය දුන් බවයි.

මෑතකදී, චීන අපනයන-ආනයන බැංකුව (China EximBank), ද්විපාර්ශ්වික නිල ණයහිමියෙකු ලෙස, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය වෙත මූල්‍ය ආධාර ලේඛන නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ණය දීර්ඝ කිරීමට කැමැත්ත පළ කර ඇතැයි ද පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉල්ලුම් කිරීම සඳහා චීන එක්සිම් බැංකුව ද සහාය පළ කළ බවයි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා කියාසිටියේ.

වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම වෙනුවෙන් අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා.

තම අසල්වැසියෙකු මෙන්ම සැබෑ මිතුරෙක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග සමීපව නිරීක්ෂණය කරන අතර ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා උපරිමයෙන් අපි සහයෝගය ලබා දී ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර ඒවා නිසි පරිදි විසඳීමට අදාළ මූල්‍ය ආයතනවලට චීනය සහාය දක්වන බව ද ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවට පවතින අර්බුදය මඟ හරවා ගැනීමටත්, ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් උපකාර කිරීම සඳහා අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට අදාළ රටවල් සහ මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට සූදානම් බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17