ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු දල්වමින් දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

ලෝක කුසලාන 20-20 තරගාවලියේ ඊයේ පැවති නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් තියුණු ජයක් ලබන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

නෙදර්ලන්තය පරාජය කරමින් දකුණු අප්‍රිකාව මෙම තරග ජය ගත්තේ කඩුලු 04කින්.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මතභේදාත්මක තණ තීරුවක් සහිත ක්‍රීඩාංගණයවන නිව් යෝර්ක් හි නසාවු ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාව සතු වුණා.

එම වාසියෙන් දෙවරක් නොසිතාම පළමුව පන්දුවට පහරදීමට සඳහා නෙදර්ලන්තය කණ්ඩායම ආරාධනා කිරීමයි දකුණු අප්‍රිකා නායකයා තීරණය කළේ.

ඒ, අනුව පළමුව ඉනිම ඇරඹු නෙදර්ලන්තයට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි.

එහිදී නෙදර්ලන්තය වෙනුවෙන් සයිබ්‍රෑන්ඩ් එංගල්බ්‍රෙක්ට් ලකුණු 40ක් රැස්කළ අතර, ලෝගන් වෑන් බීක් ලකුණු 23ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඔට්නයිල් බාර්ට්මන් කඩුලු 04ක් දවාගත්තා.

අනතුරුව පිතිකරුවන්ට අභියෝගාත්මක තණතීරුවේ ලකුණු 104ක ජයග්‍රාහි ඉලක්කය හඹා යෑමට දකුණු අප්‍රිකාව සිය ඉනිම ඇරඹුවා.

එහිදී දකුණු අප්‍රිකානුවන්ට එතරම් පහසුවෙන් එම ඉලක්කය හඹා යෑමට නෙදර්ලන්ත පන්දු යවන්නන් ඉඩලබා දුන්නේ නැහැ.

ඒ, අනුව එක් අවස්ථාවක දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිම කඩුලු 04ක් දැවී ලකුණු 34ක් වැනි අසීරු අඩියක පැවතියා.

කෙසේ වෙතත් අභියෝගය සිය උරමතට ගත් මැදපෙළ පිතිකරු ඩේවිඩ් මිලර් දකුණු අප්‍රිකාව අවසන් මොහොතේ ජයග්‍රහණය කරා රැගෙන ගියා.

එහිදී මිලර් පන්දු 51කට මුහුණ දෙමින් ලකුණු 59ක් නොදැවී රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 03ක් ඇතුළත් වුණා.

ඒ, අනුව දකුණු අප්‍රිකාව පන්දුවාර 18යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් දැවී මෙම තරගයේ ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මෙම ජයග්‍රහණය සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට අවම බලාපොරොත්තු තබා තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක අස්වැසිල්ලක් වුණා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 08 වටයට පිවිසීමට ඔවුන් ක්‍රීඩාකරන ‘ඩී’ කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම්වල ජය පරාජයන් මත රැඳී සිටීමට සිදුව තිබීම හේතුවෙන්.

ශ්‍රී ලංකාවට සුපිරි 08 වටයට පිවිසීමට නම් දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර මෙම තරග දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කිරීම එක් අනිවාර්ය සාධකයක් ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25