මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන්, කොළඹ සහ දම්මාම් (Dammam) අතර මෙන්ම කොළඹ සහ රියාද් (Riyadh) අතර සිදු කෙරෙන සියලුම ගුවන් ගමන්, එළඹෙන 01 වැනිදා දක්වා (එම දිනය ද ඇතුළුව) අත්හිටුවන බව ශ්රී ලංකන් ගුවන් සේවය පවසනවා.
මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ප්රමුඛතම වගකීම ලෙස සලකමින් මෙම තීරණයට එළැඹි බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකන් ගුවන් සේවය පෙන්වා දෙන්නේ.
වාණිජ ගුවන් මෙහෙයුම් සඳහා තත්ත්වය යෝග්ය බව තහවුරු වූ පසු, නැවත ගුවන් ගමන් ආරම්භ කරන බවද නිවේදනයේ සඳහන්.
ශ්රී ලංකන් ගුවන් සේවය, සෞදි අරාබියේ රියාද් සහ දමාම් වෙත ගුවන් ගමන් නවතා දමා ඇත්තේ 2026 ඔක්තෝබර් 10 වැනිදා සිටයි.
