ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වන නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා.

එම පිරිසට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ප්‍රදානය කිරීම සිදු කෙරුණේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් 2022 ඔක්තෝම්බර් 27 දින ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී යෝජනා වූ පරිදි විශේෂ වෛද්‍ය සහතිකයක් යටතේ පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබාදීමටයි එකඟතාව පළවූයේ.

මෙම යෝජිත නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් 50ක කණ්ඩායමක් යොදා ගෙන සිදු කිරීමටත් යෝජනා කෙරුණා.

මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය සඳහා බලය පැවරී ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙතටයි.

එසේම මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කාලය තුළ එහි ප්‍රගතිය නියාමනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් යෝජනා වී තිබෙනවා.

මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාගේ අධීක්ෂණයෙන් හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ මෙහෙයවීමෙන් නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වුණා.

මේ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත පුද්ගලයින් 76 දෙනෙක් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර බලපත්‍ර ලබාගැනීම සඳහා ඉල්ලුම් කර තිබෙනවා.

ඉන් රියදුරු බලපත්‍රයට අදාළ ලිඛිත විභාගය හා ප්‍රායෝගික පරීක්ෂණ සමත් 44 දෙනෙකු වෙත රියදුරු බලපත්‍ර ප්‍රදානය කරනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ දිවයින පුරා ශ්‍රවණාබාධියන් සදහා ජනවාරි පළමුවනදා සිට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙල මේ වනවිටත් සංවිධානය කර ඇති බවයි.

ඒ අනුව අගෝස්තු මස පළමු වනදායින් පසු ශ්‍රවණාබාධිතයන්ගේ නාමලේඛන ලබාගෙන, රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කර වෛද්‍ය පරීක්ෂණය පවත්වා ලිඛිත විභාගය සඳහා ඔවුන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

දෙසැම්බර් මස අවසාන වනවිට ප්‍රායෝගික පරීක්ෂණය පවත්වා ජනවාරි පළමු වනදා සිට අනෙකුත් දිස්ත්‍රික්කවල ශ්‍රවණාභාදිතයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීම ප්‍රවාහන අමාත්‍යංශයත් ,මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවත් අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44