ශවේන්ද්‍ර සිල්වා විමල් වීරවංශගෙන් වන්දි ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදු කළ බව කියන අපහාසයක් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් විමල් වීරවංශට එරෙහිව එන්තර වාසියක් යොමුකර තිබෙනවා.

පසුගිය අප්‍රේල් 25 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති “නවය සැඟවුණු කතාව” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී එහි කතෘවරයා වන විමල් වීරවංශ සිය කතාවේ දී ශවේන්ද්‍ර සිල්වා මහතා රජය පෙරළීමේ කුමන්ත්‍රණයකට සහාය දැක්වූ බවටයි ප්‍රකාශ කර තිබුණේ.

එය අසත්‍ය හා පදනම් විරහිත චෝදනාවක් වන අතර එමගින් සිදු වූ අපහාසයට වන්දි ඉල්ලා මෙලෙස එන්තරවාසි යොමු කෙරුණා.

වසර 40කට ආසන්න කාලයක් මාතෘ භූමිය හා ජාතිය වෙනුවෙන් සිදු කළ නොකැළැල් මෙහෙවර තුළින් ළඟා කර ගත් ගෞරවය හා කීර්ති නාමයට මෙම ප්‍රකාශයෙන් කැළලක් සිදු වී ඇති බවයි ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නීතිඥයන් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06