spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශවේන්ද්‍ර සිල්වා විමල් වීරවංශගෙන් වන්දි ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදු කළ බව කියන අපහාසයක් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් විමල් වීරවංශට එරෙහිව එන්තර වාසියක් යොමුකර තිබෙනවා.

පසුගිය අප්‍රේල් 25 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති “නවය සැඟවුණු කතාව” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී එහි කතෘවරයා වන විමල් වීරවංශ සිය කතාවේ දී ශවේන්ද්‍ර සිල්වා මහතා රජය පෙරළීමේ කුමන්ත්‍රණයකට සහාය දැක්වූ බවටයි ප්‍රකාශ කර තිබුණේ.

එය අසත්‍ය හා පදනම් විරහිත චෝදනාවක් වන අතර එමගින් සිදු වූ අපහාසයට වන්දි ඉල්ලා මෙලෙස එන්තරවාසි යොමු කෙරුණා.

වසර 40කට ආසන්න කාලයක් මාතෘ භූමිය හා ජාතිය වෙනුවෙන් සිදු කළ නොකැළැල් මෙහෙවර තුළින් ළඟා කර ගත් ගෞරවය හා කීර්ති නාමයට මෙම ප්‍රකාශයෙන් කැළලක් සිදු වී ඇති බවයි ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නීතිඥයන් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?