spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරියගේ මාලය කැඩූ සැකකරු පැය දෙකකින් අල්ලයි

රාගම රෝහලේ වෛද්‍යවරියකගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගොස් සැඟව සිටි සැකකරුවෙකු පැය දෙකක් තුලදී අත්අඩංගුවට ගැනීමට වාද්දුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

සැකකරු අලුත්ගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු වන අතර නිවසේ විදුලි බිල ගෙවාගැනීමට නොහැකිව ආර්ථික අපහසුතාවය හේතුවෙන් රන්මාලය කඩාගත් බවට ප්‍රකාශ කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

වෛද්‍යවරිය අද පස්වරුවේ අලුත්ගම සිට මරදාන දක්වා ගමන් කළ දුම්රියේ පැමිණ ඇති අතර පොතුපිටිය ප්‍රදේශයේදී ඇයගේ ගෙලබැදි රන්මාලය කඩාගත් සැකකරු ගමන් කරමින් තිබූ දුම්රියෙන් පැන මුහුද දෙසට පළා ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදීම සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කර පවුම් එකහමාරක් පමණ බරැති රන්මාලය සොයාගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට කොල්ලකෑම සිදු කරන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ද මාරු කරගෙන සිටි බව සඳහන්.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?