වෛද්‍යවරියගේ මාලය කැඩූ සැකකරු පැය දෙකකින් අල්ලයි

රාගම රෝහලේ වෛද්‍යවරියකගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගොස් සැඟව සිටි සැකකරුවෙකු පැය දෙකක් තුලදී අත්අඩංගුවට ගැනීමට වාද්දුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

සැකකරු අලුත්ගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු වන අතර නිවසේ විදුලි බිල ගෙවාගැනීමට නොහැකිව ආර්ථික අපහසුතාවය හේතුවෙන් රන්මාලය කඩාගත් බවට ප්‍රකාශ කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

වෛද්‍යවරිය අද පස්වරුවේ අලුත්ගම සිට මරදාන දක්වා ගමන් කළ දුම්රියේ පැමිණ ඇති අතර පොතුපිටිය ප්‍රදේශයේදී ඇයගේ ගෙලබැදි රන්මාලය කඩාගත් සැකකරු ගමන් කරමින් තිබූ දුම්රියෙන් පැන මුහුද දෙසට පළා ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදීම සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කර පවුම් එකහමාරක් පමණ බරැති රන්මාලය සොයාගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට කොල්ලකෑම සිදු කරන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ද මාරු කරගෙන සිටි බව සඳහන්.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?