වෙලේසුදාට එරෙහි නඩුවට අධිකරණයෙන් ලැබුණු නියෝගය

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් කෝටි 15 කට අධික වත්කම් සහ මුදල් උපයා ගත්තේ යැයි චෝදනා ලබා සිටින ගම්පොළ විතානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා, ඔහුගේ බිරිඳ හා ඥාති සොයුරියකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූවා

එහිදී අධිකරණය හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් හය දෙනෙකුට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයා ගත් මුදල් වලින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රුපියල් කෝටි 15 ක ට ආසන්න ඊට ඉඩම් , නිවාස ඇතුළු වත්කම් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කළේ යැයි චෝදනා කොට වෙලේසුදා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
9
+1
5
+1
0
+1
4
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !