විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසි කිරීමේ තීරණයක්

දේශීය නිශ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි සිට අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මේ අතර ගෙවුනු මාස කිහිපය තුල මෙරට උද්දමනය පහළ ගොස් තිබුණත් භාණ්ඩ වල මිල ගණන් සැළකිය යුතු මට්ටමින් අඩු වී නොමැති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසන්නේ නිල ධරිද්‍රතා රේඛාවට අනුව ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයකුගේ මාසික වියදම ද ඉහළ ගොස් ඇති බවයි.

මෙම නිල ධරිද්‍රතා රේඛාවට අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී එක් පුද්ගලයකුගේ මාසික වියදම දැක්වුණේ රුපියල් 16,524ක් ලෙසයි.

නමුත් නවතම වාර්තා වලට අනුව එම අගය තවත් රුපියල් 490 කින් ඉහළ ගොස් ඇති අතර 2024 වසරේ ජනවාරි මාසයේ පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 17,014ක් ලෙස
දැක්වෙනවා.

එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට වැය වන මුදල දිස්ත්‍රික් මට්ටමෙන් සළකා බැලූ විට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රිකය තුල ජීවත් වන පුද්ගලයින්ට බවද එහි සඳහන්.

ඒ අනුව කොලඹ දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල මාසික වියදම රුපියල් 18,350ක් ලෙස දැක්වෙන අතර ගම්පහ දිස්ත්‍රිකයේ එම අගය දැක්වෙන්නේ රුපියල් 18,256ක් ලෙසයි.

ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවන්ට අනුව අවම ඒක පුද්ගල වියදම මොනරාගල දිස්ත්‍රිකයෙන් වාර්තාවන අතර එම අගය දක්වෙන්නේ රුපියල් 16,268ක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22