spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසි කිරීමේ තීරණයක්

දේශීය නිශ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි සිට අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මේ අතර ගෙවුනු මාස කිහිපය තුල මෙරට උද්දමනය පහළ ගොස් තිබුණත් භාණ්ඩ වල මිල ගණන් සැළකිය යුතු මට්ටමින් අඩු වී නොමැති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසන්නේ නිල ධරිද්‍රතා රේඛාවට අනුව ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයකුගේ මාසික වියදම ද ඉහළ ගොස් ඇති බවයි.

මෙම නිල ධරිද්‍රතා රේඛාවට අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී එක් පුද්ගලයකුගේ මාසික වියදම දැක්වුණේ රුපියල් 16,524ක් ලෙසයි.

නමුත් නවතම වාර්තා වලට අනුව එම අගය තවත් රුපියල් 490 කින් ඉහළ ගොස් ඇති අතර 2024 වසරේ ජනවාරි මාසයේ පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 17,014ක් ලෙස
දැක්වෙනවා.

එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට වැය වන මුදල දිස්ත්‍රික් මට්ටමෙන් සළකා බැලූ විට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රිකය තුල ජීවත් වන පුද්ගලයින්ට බවද එහි සඳහන්.

ඒ අනුව කොලඹ දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල මාසික වියදම රුපියල් 18,350ක් ලෙස දැක්වෙන අතර ගම්පහ දිස්ත්‍රිකයේ එම අගය දැක්වෙන්නේ රුපියල් 18,256ක් ලෙසයි.

ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවන්ට අනුව අවම ඒක පුද්ගල වියදම මොනරාගල දිස්ත්‍රිකයෙන් වාර්තාවන අතර එම අගය දක්වෙන්නේ රුපියල් 16,268ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?